Posts

Showing posts from December, 2021

ගැමි නැටුම්වල ලක්ෂණ හා ගැමි නැටුම් ප්‍රභේද

                                     ගැමි නැටුම්වල  ලක්ෂණ   * විනෝදාස්වාදය අරමුණ කර ගනී. * සාමූහික  සහභාගිත්වයෙන් යුක්තය. * සරල වූ ඉතාමත් පහසු වූ වෙස් ගැන්වීම්  ක්‍රම භාවිතා කෙරේ. * නැටුමේ තේමාවට අදාළව රංග උපකරණ භාවිතා කරයි. * විවිධ ජීවන වෘත්තීන්,  මානව ක්‍රියාකාරකම්,  සමාජ අවශ්‍යතා පදනම්  කොටගෙන මෙම නැටුම් නිර්මාණය වේ.                                       ගැමි නැටුම්  ප්‍රභේද * ජීවන වෘත්තීන් තේමා කරගත් ගැමි නැටුම් වර්ග    .. ගොයම්  නැටුම    .. ගොවි නැටුම    .. පන් නැටුම    .. තේදළු නැටුම  * සමාජ‍යේ  විවිධ අවශ්‍යතා සහ සමාජයේ විවිධ සංසිද්ධි තේමා කරගත් ගැමි නැටුම් වර්ග.    .. චාමර  නැටුම    .. ලී කෙලි නැටුම    .. කඩු සරඹ නැටුම * ගෘහස්ථ කටයුතු තේමා  ක ර ගත් ගැම...

කෝලම් නාට්‍යයේ රංග ශෛලිය

                      කෝලම් නාට්‍යයේ රංග ශෛලිය  * නාට්‍ය  ධර්මී  රංග  ශෛලිය යොදා ගැනීම සිදු කරයි.  * නිශ්චිත රංග ආකෘතියක් පැවතිණි. * විචිත්‍ර වූ වෙස්මුහුණු භාවිතා කරයි. * පිරිමින් පමණක් රඟ දක්වයි. * ''තානායම්පල'' නම් ස්ථානයේ රඟ දක්වයි.  * කාරියකරවන රාළ විසින් පාත්‍රයින්ගේ පැමිණීම හැඳින්වීම හා කතා වස්තුව ඉදිරිපත් කිරීම සිදු කරයි. * ස්ථාවර පාත්‍රයෙන්ගේ පැමිණීමෙන් පසුව අවසානයේ  කථා වස්තුව රඟ දක්වයි. *කෝලම් නාට්‍යවල හාස්‍ය රසය හා උපහාසය ගැබ්ව පවතී.

සොකරි නාට්‍යයේ රංග ශෛලිය

                                   සොකරි නාට්‍යයේ රංග ශෛලිය  * නාට්‍ය ධර්මී රංග ශෛලිය භාවිතා කිරීම. * කමත රංග භූමිය ලෙස යොදා ගැනීම.  * පිරිමින් පමණක් රඟ  දැක්වීම. * ගුරුන්නාන්සේ කෙනෙකු විසින් අනෙක් චරිත  හඳුන්වා දෙමින් රංග භූමියට පැමිණවීම හා චරිත වලට  අදාල කවි ගායනය සිදු කිරීම. * චරිත කිහිපයක් පමණක් සරල  වෙස්මුහුණු භාවිතා කිරීම.    

නාට්‍ය කලාවේ මූලික ලක්ෂණ

                          නාට්‍ය කලාවේ මූලික ලක්ෂණ  * සජීවී බව.  * සජීවී  ප්‍රේක්ෂක සහභාගීත්වයක් තිබීම.  * කතා වින්‍යාසයක් තිබීම( මුල, මැද, අග ගැලපීම්)  * පෙළ සාහිත්‍යයක් තිබීම.   * ශෛලියක් තිබීම.  * ගැටුම් අවස්ථා තිබීම.  * සාමූහික  ක්‍රියාකාරිත්වයක් තිබීම.  * රූපණය සඳහාම කළ  නිර්මාණයක් වීම.